fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුරාබදු සමාගම් බදු ගෙවන්න එකඟ වෙයි

    සුරාබදු සමාගම් බදු ගෙවන්න එකඟ වෙයි

    දෙදහස් විසිතුන සහ 2024 වර්ෂවලට අදාළව පවතින හිඟ බදු මුදල එළඹෙන නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් කිරීමට සියලු සමාගම් එකග වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතා පවසයි.

    මේ අතර ජනාධිපතිවරණ කාලසීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සාවාද්‍ය බව හෙතම සඳහන් කළේය.

    ඔහු පැවසුවේ රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සුරාබදු බලපත්‍ර 172ක් පමණක් නිකුත් කර ඇති බවය.

    එමගින් රුපියල් කෝටි 220ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ද සුරාබදු කොමසාරිස්වරයා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img