පොතුපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර නලවංශ මහතා එම පොලිසියේම පොලිස් සැරයෙන් වරයෙකුගේ ප්රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයා පසුගිය 27 වැනිදා ස්ථානයක මත්පැන් පානය කිරීමත් සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබේ. එම අවස්ථාවේදී පොතුපිටියේ පොලිසියේ සේවය කරන ගුණරත්න නමැති සැරයෙන්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට පැමිණ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිව් දෙනා තමාගේ ඥාතීන් බව පවසා ඔවුන්ව මුදා හරින ලෙස ඉල්ලීමක් කර තිබේ. එහිදී ඇතිවූ යම් සිදුවීමක් මුල් කරගෙන පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කරමින් සැරයෙන් පරයා විසින් පහරදී ඇතැයි පොලිසිය කියයි.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා ප්රතිකාර ලබා ගැනීමට පොතුපිටිය රෝහලට ඇතුලත්ව ඇත.මෙම සිදුවීමෙන් අනතුරුව පොලිස් සැරයන්වරයා පලා ගොස් ඇත. ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.
මෙම සිදුවීම මුල් කරගෙන සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට රත්නපුර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබෙනවා.