සිය බිරිඳගේ අනියම් පෙම්වතා නිවසට පැමිණෙන තුරු සැඟවී සිට ඔහුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යන තුරු මිටියකින් පහරදුන් සැමියකු වාරියපොල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 27 වෙනිදා රාත්‍රී කාලයේ මිනුවන්ගැටේ වල්පාලුව ප්‍රදේශයේ නිවසකදීය.
ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 33ක් වන අවුලේගම පදිංචි පුද්ගලයකි. වෘතියෙටන් රියදුරෙක් වන ඔහු කාලයක් තිස්සේ විවහාක කාන්තාවක් සමඟ අනියම් පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙන බව පොලීටසටිටය කියයි. පෙම්වතියගේ සැමියා නිවසේ නොසිටින අවස්ථාවන්වලදී ඔහු ඇගේ නිවසය යන්නටද පුරුදුවී සිට ඇත.
ඇගේ සැමියා මෙම සම්බන්ධය අතටම අල්ලාගැනීමේ අපේක්ෂාවෙන් පසුගිය 27 වෙනිදා නිවසින් පිටත්ව යන ආකාරයට ගොස් හොරෙන් නිවසට ඇතුළුවී සැගවී සිට ඇත. මේ බව නොදත් බිරිද සිය සැමියා නිවසේ නැතැයි සිතා පෙම්වතාට කෙටි පණිවුඩයක් යොමුකර ඔහුව නිවසට ගෙන්වාගෙන ඇත. සැමියා විසින් පෙම්වතාට මිරිස් කුඩු වලින් පහරදී මිටියකින් කොටා මරා දමා ඇත්තේ ඉන් අනතුරුවයට.
මේ සම්බන්ධයෙටන් ඇගේ 36 හැවිරිදි සැමියාට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.ටටට