fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මිරිස්සෙන් මුහුදු ගිය යාත්‍රාවක් ඉන්දිය ානු යාත්‍රා තුනකින් ආ පිරිසක් කොල්ලකාලා

    මිරිස්සෙන් මුහුදු ගිය යාත්‍රාවක් ඉන්දිය ානු යාත්‍රා තුනකින් ආ පිරිසක් කොල්ලකාලා

    මිරිස්සෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව මුහුදේ පාවෙමින් තිබියදී ඉන්දියානු යාත්‍රා තුනක් එම බහුදින යාත්‍රාව වටකර එහි තිබුණු මාළු දැල් ඇතුළු ආම්පන්න කොල්ලකා ඇති බවත් එම බහුදින යාත්‍රාව මේ වන විට ධිවරයින්ද සමඟ ඉන්දියානු සීමාවේ අනාරක්ෂිතව පාවෙමින් ඇති බවත් සඳහන් කරමින් එම යාත්‍රාෙව් හිමිකරු වැලිගම පොලීසියට ඊයේ (29) පැමිණිල්ලක් කර ඇත.

    “රන්මුතු දුව 10 “ නැමැති මෙම බහුදින යාත්‍රාව ධිවරයින් පස් දෙනෙක් සමඟ මිරිස්සෙන් මුහුදු ගොස් ඇත්තේ පසුගිය 12 වෙනිදාය. යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ පසුගිය 26 වෙනිදාය. එම යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබියදී එම ස්ථානයට පැමිණි ඉන්දියානු යාත්‍රා තුනකින් පැමිණි පිරිසක් දැල් ආම්පන්න කොල්ලකා ඇත්තේ ඊයේ (29)ය.

    මේ ගැන ධිවරයින් විසින් යාත්‍රාෙව් ඇති සංනිවේදන පද්ධතිය ඔස්සේ ගොඩබිම දැනුවත්කර ඇත. මේ වන විට එම ධිවර යාත්‍රාව දියවැලකට හසුවී ඉන්දියානු සීමාවට ගසාගෙන ගොස් ඇති බවද ධිවරයින් පවසා තිබේ.

    වැලිගම , වල්ලිවල , කෝරලගේවත්තේ පදිංචිකරුවෙක් වන යාත්‍රාවේ හිමිකරු පොලීසියට පැමිණිලිකරමින් පවසා ඇත්තේ මේ වන වන යාත්‍රාවේ සිටින ධිවරයින්ගේ ජීවිතවලට අවධානමක් මතුව ඇති බවය.

    මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ සම්බන්ධිකරණය කරමින් ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරුකිරීමට පියවර ගැනීමට කටයුතුකරන බව වැලිගම පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img