අන්තර්ජාලය මගින් ගණුදෙනු කිරීමේදි සිදුවන විවිධ වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවට අනතුරු ඇගයීමක් කරයි.
ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය මෙසේය.
අන්තර්ජාලය භාවිතා කරමින් මාර්ගගත ක්‍රමයට (Online) බැංකු ගණුදෙනු කිරීමේදී ගණුදෙනුකරු හඳුනා ගැනීම සහ එම ගණුදෙනුවේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අදාල බැංකු ආයතනය මගින් එක් වරක් පමණක් ලබා දෙනු ලබන කේත අංකය (OneTime Password / OTP) ගණුදෙනුකරුවන් වෙත ලබාදීම සිදුකරනු ලබයි. එම කේත අංකය ඇතැම් පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය තුළ වට්ටම්, ත්‍යාග සහ දිනුම් ඇදීම් ආදිය ලබාදෙන බවට පවසමින් ප්‍රසිද්ධ සන්නාම සහ සේවා ලෙස පෙනී සිටිමින් සංසරණ වන ව්‍යාජ වෙළඳ දැන්වීම්වලට හසුව, ව්‍යාජ වෙබ් පිටු වෙත යොමුවී එසේ තමාට ලැබෙන කේත අංක (OTP) සමහර ගණුදෙනුකරුවන් විසින් තම නොදැනුවත්කම මත තෙවන පාර්ශවයන් වෙත ලබාදීම සිදුකරන බව නිරීක්ෂණය වී ඇත.
ගණුදෙනුකරුවන් එසේ තම කේත අංකය ( OTP) බාහිර පුද්ගලයන්ට ලබා දීමෙන් අන්තර්ජාලය හරහා සිදුකරන විවිධ වංචනික ක්රීයාවන්ට හසුව එම පුද්ගලයන්ගේ ගිණුම්වල ඇති මුදල් විශාල වශයෙන් වංචනික පුද්ගලයන් විසින් ලබා ගැනීමේ සිද්ධීන් ගණනාවක් මේ වන විට වාර්තා වී ඇත.
අන්තර්ජාලය භාවිතා කර මෙම වංචනික ක්‍රියාවන් සිදුකරන විවිධ පුද්ගලයන් විසින් ගණුදෙනුකරුවන්ට ලැබෙන කේත අංකය (OTP) ලබා ගැනීම සඳහා භාවිතා කරන ඉහත ආකාරයේ කූඨ උපක්‍රම වලට හසුව කිසිදු අවස්ථාවක එම අංකය බාහිර පාර්ශවයන් වෙත ලබා දීමක් සිදු නොකරන ලෙසත්, මෙම වංචනික ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීමට අදාල බැංකු මගින් ලබා දෙන මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කර තම ගණුදෙනුවල හා ගිණුම්වල පවතින මුදල්වල සුරක්ෂිතතාවය තහවුරුකර ගන්නා ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේම අන්තර්ජාලය හරහා සිදුකරන මෙවැනි ගණුදෙනුවලදී යම් ගැටළුකාරී තත්ත්වයක් පවතී නම් අදාල බැංකුව සමඟ සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු තහවුරුකර ගැනීමේ කටයුතු සිදුකර ගන්නා ලෙසට එම ගණුදෙනුකරුවන්ගෙන්ද, මෙම වංචනික ක්‍රියාවන්ට හසුනොවන ලෙසට හා අනුගමනය කළ යුතු අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව තම ගණුදෙනුකරුවන් නිරන්තරවම කළ යුතු අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව තම ගණුදෙනුකරුවන් නිරන්තරවම දැනුවත් කරන ලෙසටද අදාල බැංකු ආයතන වලින්ද පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.