ඔක්ටේන් 92 පෙට්‍රල් මෙන්ම ඩීසල් හා භූමිතෙල් මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.21කින් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු.24කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් ද,භූමිතෙල් ලීටරයක මිල රු.19කින් ද පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබේ.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රු311ක්,ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රු.283ක්,ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රු.319ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රු.183ක් දක්වා පහළ දමා තිබේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු.377 ලෙස නොවෙනස්ව පවතින බව අදාළ නිවේදනයේ සඳහන් වේ.