මද්‍යසාර හේතුවෙන් රෝගී වූවන් වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව ADIC ආයතනය සඳහන් කරයි.
අනිද්දා (3) යෙදෙන ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන් ප්‍රකාශ කළේ, මත්පැන් හේතුවෙන් වසරකට පුද්ගලයින් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මියයන බවයි.
ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණවලින් 10න් අටකට හේතුව බෝවන රෝග ය.
එම රෝග ඇතිවීමට බලපාන සාධක 4න් එකක් මද්‍යසාර වන බව සඳහන් වේ.
මත්පැන් භාවිතය හේතුවෙන් මෙරට තුළ දෛනිකව අකල් මරණ 50ක් වාර්තා වන බව ADIC ආයතනය අවධාරණය කළේය.
වසරකට වාර්තා වන අකල් මරණ සංඛ්‍යාව 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් වනවා.