ජාත්‍යන්තර අමද්‍යප දිනය නිමිත්තෙන් හෙට (03) රට පුරා සුරාසල් වසා තැබීමට තීරණය කොට තිබේ.
ඒ අනුව රටපුරා සිල්ලරට මත්පැන් අලෙවි කිරීමට බලපත්‍ර ලාභී සියලු සුරා සල් වසා තැබීමට නියෝග කළ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ . ගුණසිරි මහතා ප්‍රකාශ කළේය.
හෙට දිනය පුරා මේ නීතිය කඩ කරන අයට එරෙහිව කටයුතු කිරීමට සහ අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට දෙපාර්තමේන්තුව අවධියෙන් සිටින බවද ඔහු කීය. 1913 අංකය ඔස්සේ මීට අදාළ පැමිණි බාරගන්නට මෙහෙයුම් මැදිරිය කටයුතු කරන බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.