මහමැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරාගෙන තරඟකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සලකා බැලූ එම යෝජනාව එක්සත් ජාතික පක්ෂය සමඟ සංධානගතව තරඟ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඇතුළු සෙසු පක්ෂ සමඟද සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇතැයි ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ තවත් විශේෂ රැස්වීම් කිහිපයක් හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී මෙම කරුණු සාකච්ඡා වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයෝ ද, ආසන සංවිධායකවරු, කළමණාකාරවරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු මීට සහභාගී වී සිටියහ.