fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාමල් ඉදිරියටත් හම්බන්තොටින්මයි

    නාමල් ඉදිරියටත් හම්බන්තොටින්මයි

    ඉදිරි මහමැතිවරණය සඳහා තමා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළවන වාර්තා, ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රකාශ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

    පසුගිය මහ මැතිවරණයේ දී තමන්ව වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව කෘතගුණ පූර්වකව සිහිපත් කරන නාමල් රාජපක්ෂ මහතා තමන්ට දේශපාලන ඇරඹුම දුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව සමඟ ඉදිරියටත් අඛණ්ඩව දේශපාලනයේ නිරතවන බව හෙතෙම කියාසිටී.

    එළැඹෙන මහ මැතිවරණයේ දී එක් එක් අපේක්ෂකයන් තරග කරන දිස්ත්‍රික්ක හා ඊට අදාළ අවසන් එකඟතාවන් මේ දක්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තීරණය කර නොමැති බව ද නිවේනයක් මගින් ඔවුහු දන්වා සිටී.

    එවැනි පසුබිමක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන මහ මැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත්වනු ඇතැයි ප්‍රචාරය කිරීම හුදෙක් දේශපාලන වාසිය තකා කළ ජනතාව නොමග යැවීමක් බව ද එමගින් අවධාරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img