fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහබැංකු අධිපතිලාගේ පෙන්ෂන් අහෝසියි

    මහබැංකු අධිපතිලාගේ පෙන්ෂන් අහෝසියි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබේ.

    ඒ අනුව හිටපු අධිපතිවරුන්ට, වත්මන් අධිපතිවරයාට හෝ මින් ඉදිරියට පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුක් කර ඇත.

    මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 වසරේ ජනවාරි මස පළමු වනදා සිට අහෝසි කර තිබූණද පසුව යළිත් 2015 වසරේ ජනවාරි පළමු වැනිදා සිට එය ක්‍රියාක්මක කෙරුණි.

    ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන්ටත් 2015 ජනවාරි පළමු වනදා සිට මාසික විශ්‍රාම වැටුප හිමි වුණි.

    මහ බැංකු අධිපතිවරයාට අවසන් වරට ගෙවූ මූලික වැටුපෙන් 74%කට සමාන මාසික විශ්‍රාම වැටුපක් ඔහු සේවය කළ වසර ගණන නොසලකා ලබා ගැනීමට එමගින් හිමිකම් ලබාදී තිබේ.

    අදාළ ගැසට් නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img