fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ග්‍රාම නිලධාරිනියට තර්ජනය කළ SI අත්අඩංගුවට ගන්න දෙවසරක් ගිහින්

    ග්‍රාම නිලධාරිනියට තර්ජනය කළ SI අත්අඩංගුවට ගන්න දෙවසරක් ගිහින්

    රජයේ ඉඩම් කොටසක් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමක් සම්බන්ධයෙන් සොයා බැලීමකට ගිය ග්‍රාම නිලධාරිනියකට බැන තර්ජනය කළ පරසන්ගස්වැව පොලීසියේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයකු එම සිදුවීමෙන් වසර දෙකකට ආසනන්න කාලයකට පසු අනුරාධපුර පොලීසිය මගින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇත.

    ආර්. කොළඹගේ නැමැති මෙම උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර ඇත.

    මෙම උප පොලිස් පරීක්ෂකවරයා තමාගේ ඉඩමට අයුතු ලෙස ඇතුළු වී වැටක් ගසා ඇති බවට ද සාවස්ථිපුර පදිංචි කාන්තාවක් පැමිණිලිකර ඇති බවද අනුරාධපුර පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විභාගකර වැඩිදුර කටයුතු සඳහා සමථ මූල මණ්ඩලයට යොමුකර ඇති බව පොලීසිය කියයි.

    අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝගයකට අනුව 2022 වසරේ දෙසැම්බර් 20 වෙනිදා අඩුකැටියාව රජයේ ඉඩමක කොටසකට යාබදව පිහිටි ආර්. කොළඹගේ යන නමින් ඇති ඉඩමට රජයේ ඉඩම් කොටසක් ඇතුල් වී ඇති බැවින් එය නිරවුල් කිරීමට සඳහා මාන්කඩවල ග්‍රාමනිලධාරියා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ඉඩමට ගිය අවස්ථාවේදී නිල ඇදුමින් එම ස්ථානයට පැමිණි උප පොලිස් පරීක්ෂකවරයා බැන තර්ජනයකර ඇති බව පොලීසිය කියයි. එම අවස්ථාවේදී අනුරාධපුර පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද ග්‍රාමනිලධාරිනිය ඇතුළු නිලධාරීන්ගේ ආරක්ෂාවට එහි ගොස් සිට ඇත.

    අදාල ඉඩම තමාට අයත් බවත් එය වෙන්කර වැටක් ගැසීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් සඳහන්කරමින් පොලිස් නිලධාරියා එහිදී කළහාකාරී ලෙස හැසිරී ඇති බව කියයි.

    මේ සම්බන්ධයෙන් එදිනම ග්‍රාමනිලධාරිනිය පොලීසියට පැමිණිලිකර ඇතත් උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම වසර දෙකකට ආසන්න කාලයක් දක්වා ප්‍රමාදවී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img