fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්පා එකේදී ගුටි කෑ ව්‍යාපාරිකයා මරුට

    ස්පා එකේදී ගුටි කෑ ව්‍යාපාරිකයා මරුට

    පැලවත්ත හන්දියේ පිහිටි සම්බාහන ආයතනයක සේවය ලබාගැනීමට බීමතින් ගොස් එහි සේවකයින් සමඟ ඇතිවූ මුදල් ආරවුලක් මත ඇතිවූ ගැටුමකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මාස 10කට පසු ඊයේ (02) මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ හෝකන්දර පදිංචි 46 හැවිරිදි ව්‍යාපාරිකයකි.

    මෙම ව්‍යාපාරිකයා පසුගිය වසරේ දෙසැම්බර් 03 වෙනිදා මෙම සම්බහන මධ්‍යස්ථානයට ගොස් ඇත්තේ සේවය ලබාගැනීමටය. බීමතින් සිටි බව කියන ඔහු සමඟ එහිදී මුදල් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිකරගත් සේවකයින් පොලුවලින් පහරදී ඇති බව තලංගම පොලීසිය සඳහන් කරයි.

    මෙම පහරදීම සම්බන්ධයෙන් එම සම්බහන ආයතනයේ එකල සේවයේ නිරත සේවකයින් තිදෙනෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් ඉමදූව, බත්තරමුල්ල සහ හගුරන්කෙත පදිංචිකරුවන්ය. අවුරුදු 23ක් වයසැති ඔවුන් තිදෙනාම මේ වන විට සම්බාහන ආයතන තුනක කළමනාකරුවන් ලෙස කටයුතු කරන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img