fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝර්ඩීලියා ආර්ථිකය නංවයි

    කෝර්ඩීලියා ආර්ථිකය නංවයි

    දේශීය ආර්ථිකය නැංවීම සඳහා සංචාරක කර්මාන්තයේ දායකත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මේ වසරේ ගතවූ කාලය තුළ

    මෙරට සංචාරක කර්මාන්තයට හා දේශීය ආර්ථිකයට ශක්තියක් වෙමින් කෝර්ඩීලියා සංචාරක නැව් සමාගම විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත 2024 වසර තුළ සංචාරකයන් 5000ක් රැගෙනවිත් තිබේ.

    ජූලි සහ සැප්තැම්බර් මාස තුළ ඇරඹි සංචාරක සමය තුළ මෙම සංචාරකයන් රැගත් මගී නෞකා 06ක් හම්බන්තොට වරාය වෙත පැමිණ ඇත.

    කෝර්ඩීලියා සමාගමෙහි මීළඟ සංචාරක වාරයද 2025 ජූනි මස ආරම්භවී සැප්තැම්බර් මස අවසන්වීමටනියමිතය.

    ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින්ට ආකර්ෂණීය නිවාඩු පැකේජ පිරිනමන කෝර්ඩීලියා සමාගම, චෙන්නායි සිට ශ්‍රී ලංකාව බලා සංචාරක ගමන් ආරම්භ කලේ 2023 ජුනි මාසයේදීය. එතැන් සිට මෙතෙක් ඔවුන්ගේ නෞකා 16 වරක් HIP වෙත පැමිණ ඇත.

    “මීටර් 17 ක ගැඹුරකින් යුත් නවීන වරායක් වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ලෝකයේ ඕනෑම නෞකාවකට පහසුවෙන් නැංගුරම් ලෑමට ඉඩ සලසනවා. එසේම කාර්ය මණ්ඩලයේ සහ මගීන්ගේ අවශ්‍යතා සැපිරීමට මෙන්ම ආගමන, විගමන, රේගු, වැනි සියලු සේවාවන් ආරක්ෂිතව ලබා දීමට අප සූදානම්ව සිටිනවා. කෝර්ඩීලියා සංචාරක සමාගමේ මෙරට නියෝජිත හේලීස් සමාගම සමඟ ඇති කරගත් මෙම සහභාගිත්වය, HIP පරිපූර්ණ සංචාරක නැව් ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ තවත් පියවරක් ලෙසයි අප දකින්නේ. කාර්යබහුල අගනගරයෙන් බැහැර හරිත පරිසරයක පිහිටීම වරායේ අමතර විචිත්‍රාංගයක් වන අතර, ඉතා කෙටි දුරකින් සංචාරක ගමනාන්ත කිහිපයක් පිහිටා තිබීම තවත් වාසියක්,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසයි.

    හම්බන්තොට වරායේ ගොඩ බසින සංචාරකයින්ට, කෝර්ඩීලියා සංචාරක සමාගමේ අනුබද්ධ ආයතන වන ශ්‍රී ලංකාවේ ක්ලැරියන් නැව් සමාගම සහ ගෝල් ට්‍රැවල්ස් ලංකා පුද්ගලික සමාගම විසින් සවාරි සහ විනෝදස්වාද ක්‍රියාකාරකම් රැසක් පිරිනමයි. ඒ අතර, ගාලු ලන්දේසි කොටුව, උඩවලව සහ බූන්දල ජාතික වනෝද්‍යාන, දියලුම ඇල්ල, යාල ජාතික උද්‍යානය, උණවටුන වෙරළ තීරය වැනි ආකර්ෂණීය ස්ථාන වෙත ගමන් සහ සාප්පු සවාරිද වේ.

    මෙම මගී නෞකාවන්ගේ ක්‍රමික පැමිණීම්, ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් HIP හි කාර්යභාරය ශක්තිමත් කරනවා පමණක් නොව දේශීය ආර්ථිකයේ අභිවෘධියටද ඉමහත් රුකුළක් වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img