ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමණියම් ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද(04) දින මෙරටට පැමිණියේය.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ දී හෙතම උණුසුම්ව පිලිගනු ලැබූහ.
ඉන්පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමණියම් ජයශංකර් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණි අතර එහිදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් උණුසුම්ව පිළිගත් අතර අමාත්‍යවරුන් දෙදෙනා අතර දෙරටේ දිගු කාලින මිත්‍රත්වය ශක්තිමත් කරගනිමින් දෙරටේ සහයෝගීතාවයන් වර්ධනය කරගැනීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව ද අද පැවැත්විණ. මෙම හමුවේදී පළමු රාජ්‍ය තාන්ත්‍රික සංචාරය ලෙස ඉන්දියාවට පැමිණෙන්නැයි නිල ආරාධනාවක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.