රජයේ සංස්ථා මණ්ඩල හා ව්‍යස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට ඉවත්වන්නැයි කළ දැනුම්දීම මත අදාළ තනතුරුවලින් නික්ම ගිය පුද්ගලයන් වෙනුවට නව පුරප්පාඩු පිරවීම අර්බුදයක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.
ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජනබලවේගය ට දේශපාලන වශයෙන් සහය දුන් පුද්ගලයන්ගෙන් මෙම තනතුරු පිරවීමට ක්‍රියාත්මක උවද සහය දුන් පුද්ගලයන් අතර ඒ සෑම ක්ෂේත්‍රයටම නියෝජනයවන විශිෂ්ටයන් නොමැතිවීම මෙම අර්බුදයට හේතු වී තිබේ.
මේ නිසා ඇතැම් පත්කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවට විරුද්ධ පාක්ෂිකයන්ගේ චෝදනා එල්ලවීමට පටන්ගෙන ඇති අතර, අලුතින් පත්කළ පුද්ගලයන්ගේ ඉතිහාසය ඇතැම්විට වෙනත් ආණ්ඩුවල එවැනිම හෝ ඊට සමාන තනතුරු හොබවා තිබීම ද මෙහි දී කැපී පෙනෙන කරුණක් බවට පත්ව තිබේ.
වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පත් කළ බව කියන නිලධාරියා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ පත්කිරීම මේ වනවිට මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇති අතර එම පත්කිරීම අවලංගුකොට හෙට (06) වනවිට ඒ සම්බන්ධ වාර්තාවක් සපයන ලෙස මැතිවරණ කොමිසම අමාත්‍යාංශ ලේකම්ට දැනුම් දී තිබේ.
ඒ අනුව සුදුසුකම් සපිරි පුද්ගලයන් මෙම තනතුරුවල පිහිටුවීමට අදාළව ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය අතර ද මත දෙකක් ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.