fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය බුද්ධි සේවයට අලුත් ලොක්කෙක්

    රාජ්‍ය බුද්ධි සේවයට අලුත් ලොක්කෙක්

    රාජ්‍ය බුද්ධි සේවයේ නව ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතාව පත්කර ඇත.

    ඒ මහතා නව තනතුරේ හෙට (07) දිනයේ වැඩ භාරගැනීමට නියමිත ය.

    මෙතෙක් මෙම තනතුරේ සේවයේ නිරත මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතා හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන ඇති බව සඳහන්ය. ඔහු විශ්‍රාම ගෙන ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතාගේ පත්වීමත් සමගිනි.

    ධම්මික ප්‍රියන්ත මහතා කළුතර මධ්‍ය විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුලත්ව උපාධිදාරියෙක් ලෙස ශ්‍රී ලංකා පොලීසියට ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස එක්වූ අයෙකි.

    2001 වසරේ පෙබරවාරි 14 වෙනිදා ඔහු සමඟ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස ශ්‍රි ලංකා පොලීසියට බදවාගත් නිලධාරීන් ගණන 15කි. ඒ අතරි සිටි ලක්ෂමන් කුරේ නැමැති නිලධාරියා බන්ධනාගාරගතව සිටියි. ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රධානී වරුණ ජයසුන්දර මහතා ද මෙම කණ්ඩායමේ සාමාජිකයකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img