fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පාස්කු ඉරිදා ඛේදවාචකය කාලයේ වැලිතලාවෙන් යටපත් වෙන්න දෙන්නෑ"

    “පාස්කු ඉරිදා ඛේදවාචකය කාලයේ වැලිතලාවෙන් යටපත් වෙන්න දෙන්නෑ”

    මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර ඛේදවාචකය කාලයේ වැලි තලාවට යටපත්ව මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවත් පසුගිය ජනාධිපතිවරණ‍යේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාවද ඇතුළත් බවත් තමා තදින් විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    මේ රටේ පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා අපගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් වන අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය කටයුතු මේවන විටත් ආරම්භ කර තිබෙන බව ද ජනාධිපතිවරයා කියයි.

    විවෘත මනසකින් හා විවෘතභාවයකින් යුතුව මෙම සිදුවීම පිළිබඳව නිරවුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවත් ජීවිත 274කට ආසන්න පිරිසකගේ දිවි අහිමි කළ හා තවත් විශාල පිරිසකට තුවාළ සිදු කළ මෙම ඛේදවාචකයේ වින්දිතයන්ට තම ආදරනීයන් කෙරෙහි තමන් තුළ පවතින ආදරය හා භක්තිය වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතුව ඇති බවද තමා තදින් විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා එහිදි කිය.

    අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ඉල්ලීමක් පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද කටුවපිටිය දේවස්ථානයට පැමිණියේ ය.

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් සහ වින්දිතයන්ව ද මෙහිදී ජනාධිපතිවරයා මුණගැසුණි.

    ඒ අයගේ ඉල්ලීම්වලටද ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා අනතුරුව දේවස්ථාන පරිශ්‍රය තුළ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සිහිවීම සඳහා ඉදිකොට ඇති ස්මාරකය වෙත ගොස් කාදිනල් හිමිපාණන් සමග මල් පහන් පූජා කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img