හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ අද (9) කොළඹදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය.
‘මයික්’ ලකුණින් තරඟ කරන පක්ෂය ඉදිරි මහ මැතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට සැලසුම් කර ඇත.
අධිකරනයට අපහාස කිරිමේ චෝදනාවලට වරදකරු වි රන්ජන් රාමනායක මහතා සිර දඬුවම් ලබමින් සිටින අතරතුර දි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනපති සමාව ලබාදෙන ලදි.
එහෙත් එම සමාව ලැබී තිබුනේ කොන්දේසි මත වන බැවින් ඔහුට දේශපාලනය කිරිමේ ඉඩක් නොවිය.
රන්ජන් රාමනායක මහතා නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුරයන්හි ද මීට පෙර කටයුතු කර තිබුණි.