fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුර්ලභ ගණයේ ඇත්දළ යුගලක් ඇමති නිල කාමරේ තියන් ඉඳලා

    දුර්ලභ ගණයේ ඇත්දළ යුගලක් ඇමති නිල කාමරේ තියන් ඉඳලා

    පරිසර අමාත්‍යාංශයේ සොබා දහම්‌ පියසේ පිහිටා ඇති අමාත්‍ය නිල කාමරයේ නැන්පන්‌ කර තිබු දුර්ලභ ගණයේ වටිනාකමිකින්‌ යුත්‌ ඇත්‌දළ යුගල නැවත වනජීවි දෙපාර්තමේන්තුවට ලබා දී තිබේ.

    පරිසර, වනජීවි, වන සම්පත්‌, ජලසම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්‌ අමාත්‍ය විජිත හේරත්‌ මහතා විසින්‌ පසුගියදා (07) එම පියවර ගත්තේය.

    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම්‌ බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා එක්ව සිටියේය.

    වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්‌ එම්‌.ජි.සී සුරීය බණ්ඩාර මහතා විසින්‌ මෙම ඇත්දල යුගල නිල වශයෙන්‌ භාරගැනීම සිදුකළේය.

    එය වනජිවි දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img