සිය රුව යොදා සකස් කළ මුද්දර එළිදැක්වීමක් සිදුව ඇතැයි කියමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් පැතිර යමින් තිබේ.
ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ හරිනිගෙ විජිතගෙ මුද්දර හෙට අනිද්දා තැපැල් කන්තෝරුවට එනවා වැනි හැඟීමකින් විය යුතුය. එසේ නාවද සමාජ මාධ්‍යවල මේ වනවිට කෙරෙන මුද්දර කතාබහේ කෙළවරක් නැත.
බිත්තරයෙන් මුද්දරයට වැනි තේමාවකට මෙම සමාජ කථිකාව විසල් වී තිබේ. කෙසේ වෙතත් ජාතික ජනබලවේගයට මනාප අය මේ තත්ත්වය මත කිසිසේත් උරන විය යුතු නැත.
ඊට හේතුවන්නේ ලෝක තැපැල් දින සැමරුම හා ඊට අදාළව වූ සිදුවිම කුමක්දැයි තැපැල්පති රුවන් සත්කුමාර අද (10) නිවේදනයක් නිකුත් කළ නිසාය. එය බලා බොහෝ දෙනෙකුට සැනසුම් සුසුම් හෙළිය හැකිය.
අරලියගහ මන්දිරයේ දී මෙම සැමරුම තිබුණේ ඊයේ දිනයේය. 2024 ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව තැපැල් සංගමයේ 150 වන සංවත්සර සමරුව වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කිරීම එහි දී සිදුවිය.
එම ජාතික උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අගමැතිනි හරිනි අමරසූරියයි. විෂය භාර අමාත්‍යවරයා නිසා විජිත හේරත් ද එහි ගියේය.
සමරු මුද්දර එළිදැක්වීමේ උත්සවයට ආ ආරාධිත අමුත්තන්ටද සමරු තිලිණ දුන්නේය. හරිනි සහ විජිත ගේ රුව සහිත පුද්ගලකාරක මුද්දර ඇතුළත් සමරු තිලිණ දෙකක් ප්රදානය කළා යැයි තැපැල්පති රුවන් සත්කුමාර පැහැදිලි කරන්නේ ඒ කතාවයි.
01.හරිනි විජිත පුද්ගලකාරක මුද්දර ය. (තමන්ට ඕනෑ තරම් මුද්‍රණය කර ගත හැකිය)
- පුද්ගලකාරක මුද්දර සම්ප්රදායක් ලෙස විශේෂ අවස්ථාවල සිහිවටන ලෙස තැපැල් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙයි. (මීට පෙර දුන් අවස්ථා නොදනී)
03.ලෝක තැපැල් දිනයට හරිනිගේ හෝ විජිතගේ සමරු මුද්දර නිකුත් කර නැත.
- තැපැල් කටයුතු සිදුවන්නේ නිත්‍ය කාණ්ඩයේ විශාල සංඛ්‍යාවක් නිකුත් කරන මුද්දරය. (තැපැල් කාර්යාලයට හරිනි විජිත මුද්දර නොඑයි. ආවත් මොකද ?)
තැපැල්පතිතුමාගේ නිවේදනයෙන් ඉහත සංක්ෂිප්තය ගත්විට සිදුව ඇත්තේ කුමක්ද යන්න පැහැදිලිය. පුද්ගලකාරක මුද්දර ගැන තැපැල්පතිතුමා මුලින්ම කිවේ පසුගිය මාර්තු 06 වැනිදාය. රුපියල් 2000ට තම ඡායාරූපය සහිතව මුද්දර 20ක පත්‍රයක් මුද්‍රණය කර ගැනීමේ අවස්ථාව ඕනෑම ශ්‍රී ලාංකිකයකුගේ අයිතියකි.
හරිනිගේ විජිතෙගෙ සමරු තිලිණයට රු 4000 දුන්නෙ කවුද වගේ අහලා මට කෝල් කරන්න එපා. ඒ ගැන දැනගන්නම ඕන නම් තැපැල්පති රුවන් සත්කුමාරට කතා කරන්න.