අනුර දිසානායක ජනාධිපතිවරයා දෙවන ගෝඨාභය බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍යවාදි න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවල උවමනාවන් නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව පවසමින් ජාතික නිදහස් පෙරමුණ එළැඹෙන මහ මැතිවරණයට තරග නොකරන බව එහි නායක විමල් වීරවංශ මහතා නිවේදනය කර ඇත.
ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරග නොකරන බව මහජනයා වෙත ඉතා වගකීමෙන් යුතුව දන්වා සිටිමු යැයි අදාළ නිවේදනයේ සඳහන් ය.
ජාතික නිදහස් පෙරමුණ එහි නායක විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනය මෙසේ ය.