ඉදිරි පැය 24 කාල සීමාව තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු , වයඹ සහ මධ්‍යම පළාත්තවලට මි.මි. 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පවතින වැසි තත්ත්වයට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සම්බන්ධීකරණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ කණ්ඩායම් 03ක් හා රත්තනපුර දිස්ත්‍රික්කයේ කණ්ඩායමක් යොදවා ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
කළුතර නාවික ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝන ඒකකය සූදානමින් සිටින අතර ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදාවන් සඳහා පොලිස් නිලධාරින් මේ වනවිට දිස්ත්‍රික් මට්ටටමින් සූදානම් කර ඇතැයි සඳහන් වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් තිගදනකු ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර හංවැල්ල පොලිස් ස්ථානගේ නිලධාරින් විසින් ඔවුන් මුදාගෙන ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානගේ 117 ඇමතුම් මැදිරිය ද 0112 136136, 0112 136222, 0112 670002 දුරකථන අංකයන් ඇමතීමට අවශය සම්බන්ධීකරණ කටයුතු සලසා ඇත.