බදුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මිට්ෂුබිෂී වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජීප් රථයක් රාජසන්තක කර තිබේ.
ඒ අදාළ මෝටර් රථය අල්ලස් කොමිසම බාරයට ගනු ලැබීමෙන් අනතුරුව සිදුකළ නඩු විභාගයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියොගයකට අනුවයි.
අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රජයට රුපියල් කෝටි පහමාරකට අධික බදු මුදලක් වංචා කරමින් මෙම මෝටර් රථය ආනයනය කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
photo – File Photo