fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාර විභාගයෙන් 17 වෙනියා වුනැයි පියා දැරිය පුච්චලා

    වාර විභාගයෙන් 17 වෙනියා වුනැයි පියා දැරිය පුච්චලා

    වාර විභාගයෙන් පන්තියේ 17 ‍වෙනියා වීම සම්බන්ධයෙන් උරණවූ හොරොව්පතාන මුක්කර වැව ප්‍රදේශයේ පදිංචි පියෙක් ගිනි පෙළෙල්ලකින් පහරදී සිය 10 හැවිරිදි දියණිය පිළිස්සූ පියෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    දැරිය නිවසට පැමිණ තමන් වාර විභාගයෙන් ලබා ගත් ස්ථානය පැවසීමෙන් පසු එයින් උරණවූ දැරියගේ පියා උදුනේ දැවෙමින් තිබූ ගිනි පෙළෙල්ලක් ගෙන දැරියට පහරදී ඇති බව පොලිසිය පවසයි.

    පහරවැදීමෙන් සහ පිලිස්සීමෙන් තුවාල ලැබූ දැරිය හොරොව්පතාන රෝහලට ඇතුලත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ හොරොව්පතාන පොලිසිය දැරියගේ පියාවන තිස් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img