fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අදත් රටටම මහ වැසි -පීඩාවට පත්වූවන් ලක්ෂය පනී -3ක් මරුට

    අදත් රටටම මහ වැසි -පීඩාවට පත්වූවන් ලක්ෂය පනී -3ක් මරුට

    අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට අයහපත් බලපෑම් එල්ල වීම නිසා පවුල් 34492කට අයත් පුද්ගලයන් 134484ක් පීඩාවට පත්ව තිබේ.

    ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ආරක්ෂිත ස්ථාන 81ක පවුල් 1753කට අයත් පුද්ගලයින් 6963 දෙනෙකු රදවා සිටින බව ය.

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69කට අයහපත් කාලගුණයේ බලපෑම එල්ලවී ඇති අතර විපතට පත්වූවන් මුදා ගැනීමේ හා සහන සැලසීමේ මෙහෙයුම් සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහායද ලැබී තිබේ.

    ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂටය පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

    නිවාස 240කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ. ව්‍යාපාරික ස්ථාන 29කට ද වැස්සෙන් අලාභහානි සිදුවී ඇත.

    මෙම ආපදා සිදුවී ඇත්තේ පසුගිය 08 වැනිදා සිට අද පෙරවරුව තෙක් වැස්සෙන් ගංවතුර, නායයාම් යනාදී ලෙස පීඩාවට පත්වූ පුද්ගලයන් පිළිබඳව ය.

    මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසල් අද දිනයේ පමණක් වසා දැමීමට පියවර ගෙන ඇත.

    කොළොන්නාව හා කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල මෙන්ම ගම්පහ, කැළණිය යන අධ්‍යාපන කලාපවල පාසල් අද (14) සහ හෙට (15) වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.

    හදිසි ආපදා තත්වයන් පිළිබඳ තොරතුරු හදිසි ඇමතුම් මැදිරිය 117 හෝ දුරකථන අංක 0112136136, 0112136222, 0112670002 ඇමතීමෙන් දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටියි.

    අද දිනයේත් ‌කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්වලට නායයාම් අනතුරු ඇඟවීම් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    මේ අතර නිල්වලා, ගිං ගඟ, කුඩා ගඟ, කැලණි ගඟ යන ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර අවදානම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් පහත පරිදි ඉහළ ගොස් ඇත.

    මේ අතර අද දිනයේදී මුළු දිවයිනටම බලපාන පරිදි අධික වැසි ත්ත්තවය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පහත පරිදි අනතුරු අඟවා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img