අයහපත් කාළගුණයෙන් විපතට පත්වු ජනතාවට සහන සලසන්න යුද්ධ හමුදාව අමතර භටපිරිස් යොදවා තිබේ.
ගංඟා පිටාර ගැලීමෙන් ඇති වී තිබෙන ගංවතුර තත්වයෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සඳහා මෙසේ අමතර භට පිරිස් යොදවා තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් පරිදි සහන සේවා කටයුතු තව දුරටත් පුළුල් කර ඇත.
විශේෂයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමට මෙසේ වැඩි භට පිරිස් ප්‍රමාණයක් යෙදවීමට යුද හමුදාපතිවරයා අංක 1 බලකායේ බලකාධිපති ඇතුළු සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් දී තිබේ.
ඒ අනුව, පහත සඳහන් ස්ථානයන් වෙත සහනසේවා කටයුතු දැනටම ක්‍රියාත්මකවේ.
අ. මල්වාන-යුද හමුදා කණ්ඩායමක් (බෝටුවවක් සමග)
ආ. කටුගොඩ-යුද හමුදා කණ්ඩායමක්
ඇ. වටරැක-යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටුවක් සමග)
ඈ. සිතාවක-යුද හමුදා කණ්ඩායමක්
එ. මීතොටමුල්ල-යුද හමුදා කණ්ඩායම් දෙකක් (යුනි බෆල් රථ හතරක් සමග)
ඒ. කොලොන්නාව-යුද හමුදා කණ්ඩායමක් (අයන්හෝස් දෙකක් සමග)
ඉ. නවගමුව-යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටු දෙකක් සමග)
ඊ. පැලවත්ත-යුද හමුදා කණ්ඩායමක් (යුනි බෆල් රථයක් සමග)
ක. යටදොලවත්ත-යුද හමුදා කණ්ඩායමක් (යුනි බෆල් රථයක් සමග)
මිට අමතරව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්ක වල ඇති විය හැකි හදිසි අපදා තත්වයකදි යෙදවිම සඳහා WMZ රථ 23ක්, යුනි බෆල් රථ හා යුනි කෝන් රථ 34 ක්, බෝට්ටු 56 ක් සමග 6500 පමණ භට පිරිසක් සුදානම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.