fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාව මහින්ද විදුහලට

    සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාව මහින්ද විදුහලට

    ජාතික පාසල් ක්‍රීඩා වයස අවුරුදු 20න් පහළ සමස්ත ලංකා පාපන්දු ශූරතාව 2024 දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය අද (14) සමත් විය.

    යාපනය මධ්‍ය විද්‍යාලය සමඟ පැවැති අවසන් මහා තරගයේ දී ගෝල 2-0 ලෙස තරගයේ පෙරමුණ ගනිමින් මහින්ද විද්‍යාලය මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

    අනුරාධපුරය පණ්ඩුකාභය ක්‍රීඩාංගණයේ දී අවසන් මහා තරගය පැවැත්විණි.

    මන්නාරම ශාන්ත සේවියර් විද්‍යාලය සමඟ පැවැති තරගය දඬුවම් පහර මගින් 4-2ක් ලෙසත්, අර්ධ අවසන් පූර්ව තරගයේ දී කොළඹ ශාන්ත ජෝශ්ප් විද්‍යාලය දඬුවම් පහර මගින් 5-4ක් ලෙසත් ජයගත් ගාල්ල මහින්ද විද්‍යාලය අවසන් පූර්ව තරගයේ දී කල්පිටිය අල් අක්ෂා විද්‍යාලය 1-0 ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසියේය.

    ඒ අනුව ශූරතාව වෙනුවෙන් යාපනය මධ්‍ය විද්‍යාලය සමඟ තරග කළ මහින්ද විද්‍යාලය වසර 18කට පසුව දකුණු පළාතට 20 පහළ සමස්ත ලංකා ශූරතාවයක් දිනා දීමට සමත් විය. මිට පෙර 20 පහළ තරග කාණ්ඩය 19 පහළ ලෙස ක්‍රියාත්මක වූ අතර මහින්ද විද්‍යාලය 2005 වසරේ දී අවසන් වරට 19 පහළ සමස්ත ලංකා ශූරතාවය හිමිකර ගෙන තිබිණි.

    වයස අවුරුදු 20 පහළ සමස්ත ලංකා දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි රන් සපත්තුව මෙවර හිමිකර ගනු ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයේ ජී.කේ.චරිත් ඩිල්ෂාන් විසිනි.

    ගාල්ල මහින්ද විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම ඕ.කේ.ආර් ලෝචන විසින් මෙහෙය වූ අතර කේ.ජේ.පී මධුශංක (උප නායක), ඩී.එන්.එම්.ජී තාරක,කේ.කේ ඩිල්ෂාන්,එස්.පී තල්ගස්දූව,එස්.අයි සිල්වා,ජී.කේ.චරිත් ඩිල්ෂාන්,කේ.ඒ.රණසිංහ,කේ.කේ.එස් නවිඳු,ඩබ්ලිව්.ආර් නිශාන්ත,කේ.වයි.ජේ.ඉක්සුර,ඒ.කේ.එස්. ගනිෂ්ක,එම්.ඒ.වී පුන්සද,එස්.එච්.වී.එස් කුමාර සෙසු ක්‍රීඩකයෝ ලෙස ජයග්‍රහණයට උර දුන්හ.

    මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඒ.එම්.ඒ නිශාන්ත මහතා කටයුතු කළ අතර භාර ආචාර්යවරයා වශයෙන් එම්.ඒ.එස්.සී මුණසිංහ මහතා කටයුතු කළේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img