fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මඩ කතා ගැන කමල්ගෙන් පිළිතුරක්

    මඩ කතා ගැන කමල්ගෙන් පිළිතුරක්

    ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයකු ලෙස තරගව්දින, රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා විසින් තමාට සිදුවෙමින් පවතින බව කියන මඩ ප්‍රචාර සම්බන්ධයෙන් පිළිතුරක් දී තිබේ.

    ඒ පිළිබදව ඔහුගේ සටහන පහතින්.

    “අප කාහටත් පොදුවේ සදාචාරාත්මකව හිමිව ඇති මානව අයිතියට අනුව ප්‍රථම වතාවට 2024 තීරණාත්මක මහ මැතිවරණයට මුහුණ දීමට සැරසෙන මා හට, කිසියම් වූ යටි අරමුණකින් යුතුව යම් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ අවශ්‍යතාවය පෙරදැරිව, ඉතාමත් අවස්ථාවාදී හා සදාචාරාත්මක නොවන ප්‍රබල චරිතඝාතන ව්‍යාපාරයක් මා හට එරෙහිව ගොඩනැඟෙමින් පවතින බවට පෙරනිමිති පහල වී ඇති සෙයක් දැන් දැන් පැහැදිලි වෙමින් පවතී.

    මන්ද, දශක දෙකක් ඉක්මවූ අතීතයේ මාහට සිදුවූ ඉතාමත් අභාග්‍යසම්පන්න සිදුවීම් දෙකක් අරභයා, එක් අවස්ථාවකදී යම් චෝදනාවක් පිළිබඳව ගොඩනැඟුණු අධිකරණ ක්‍රියාවලිය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙනගොස්, ඒ පිළිබඳව කළ පැහැදිලි හා යුක්තිසහගත විමර්ශන මගින් ලබාදුන් සාධාරණ වූත් සැකයකින් තෝරවූත් විනිශ්චයන්හි නෛතික වූ නිර්දෝෂීභාවයන් පවා නොසලකමින්, අධිකරණයටද බලවත්සේ අපහාස වන අයුරින් හිටි අඩියේ අවදිවූ කලෙක මෙන්, අයුක්තිසහගත ලෙස අසත්‍ය පතුරවමින්, තීරණාත්මක මැතිවරණයක නියැලීම සඳහා මා එක්වූ මානව හිතවාදී, ප්‍රගතිශීලී, වාමවාදී නව තරුණ දේශපාලන පක්ෂයක් වූ “දෙවැනි පරපුර”සමඟින් ක්‍රියා කිරීමට ගත් තීරණයෙන් අන්දමන්දව, මා ගත් එම පියවර තමන්ට ඉතාමත් තදින් බලපා ඇතැයි සිතන හා දැනෙන කිසියම් දේශපාලන කණ්ඩායම් හෝ කණ්ඩායමක් හෝ වික්ෂිප්තව ඇතිකර ගත් භීතිය සහ ක්‍රෝදය පිටකර හරින නිර්ලජ්ජිත චරිතඝාතන මඩ ප්‍රහාරයන්, ඇතැම් අන්තර්ජාල වෙබ් අඩවි සහ YouTube නාලිකාවන් මගින් කිරීමට තැත් කිරීමට උත්සාහ ගන්නා බව උගත් හා බුද්ධිමත් මිනිසුන් තේරුම් ගනු ඇතැයි යන අපේක්ෂාවෙන් හා විශ්වාසයෙන් මවිසින් මෙම සටහන තබන ලදී.”

    • කමල් අද්දරආරච්චි
    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img