මුදල් පොලියට ලබාදෙන ව්‍යාපාරිකයෙකුට මාතර පොලිස් වසමේ රුවන්වැල්ල ප්‍රදේශයේදී අද සවස වෙඩි තබා ඝාතනය කර ඇත.
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම ව්‍යාපාරිකයාට වෙඩි තබා ඇත්තේ මෝටර් රථයකින් පැමිණි අයෙක් විසින් බවට තොරතුරු පොලීසියට ලැබී තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 53 ක් වූ මාතර කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ත්‍රීරෝද රථය තුළදීම ඔහුව මරා දමා ඇතැයි පොලීසිය කියයි.
මෙම ස්ථානයට ව්‍යාපාරිකයාව ගෙන්වා වෙඩි තබා ඇති බවට පොලීසිය සැකකරයි. මෙම වෙඩි තැබීම මුදල් ආරවුලක් හෝ පුද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට පොලීසිය සැකකරයි.