fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසියේ වැරදි සොයන්න යෙදූ බුද්ධි නිලධාරියා අමුතු සෙල්ලමක් කර මාට්ටු

    පොලීසියේ වැරදි සොයන්න යෙදූ බුද්ධි නිලධාරියා අමුතු සෙල්ලමක් කර මාට්ටු

    රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සිදු කරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අනුයුක්ත කර සිටින, අනුරාධපුර කොට්ඨාස බුද්ධි අංශයේ සැරයන්වරයකු සිදුකරන ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් පානදුර වලානේ පිහිටි දූෂණ මර්දන බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 11ක් වටිනා ගංජා කිලෝ 04ක් සමඟ සැරයන්වරයාත් ඔහුගේ සහයකයෙකුත් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත.

    ගංජා තොග වශයෙන් තණමල්විල සහ මොණරාගල සිට අනුරාධපුරයට රැගෙන විත් රසායනික ද්‍රව්‍ය කලවම්කර ඉන්දියාවේ සිට රැගෙන ආ කේරල ගංජා ලෙස හඟවමින් අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම මෙම සැරයන් සහ සැකකරු විසින් සිදුකර ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.

    සැරයන්වරයා සමඟ අත්අඩංගුවටගත් සැකකරු අනුරාධපුර රෝහල ඉදිරිපිට පදික වේදිකාවේ වෙළඳාමේ නිරත වෙළෙන්දෙකි. ගංජා අලෙවි කිරීමට සැරයන්ට ගැණුම්කරුවන් සම්බන්ධකර දී ඇත්තේ මෙම වෙළෙන්දා විසින් බවටත් තොරතුරු විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    මෙම ගංජා ජාවාරම මෙහෙයැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ සැරයන්වරයා මිහින්තලා පාර, පලුගස්වැව, ගල් කුලම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන අතර වෙළෙන්දා අනුරාධපුර විජේපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

    වලාන මධ්‍යයම දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කඩ 12, පිහිටි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට මාර්ගයේ දී මෙම සැකකරුවන් දෙදෙනා, කේරළ ගංජා තොගය සමග අත්අඩංගුවට ගෙන ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

    සැකකරු තම පොලිස් නිලය භාවිතා කරමින් ගංජා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යන මුවාවෙන්, එම ජාවාරම්කරුවන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ගෙන යමින් මෙම ගංජා ජාවාරම කර ගෙන ගොස් තිබේ.

    වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයැවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්ෂක ජනිත කුමාර පොලිස් සැරයන්වරුන් වන සම්පත් (34950) ජයලාල් (97340), පොලිස් කොස්තාපල්වරුන් වන උදය කුමාර (84889) අශාන් (39850), සියන්ත (94009) හේරත් (97340), දේශාන් (102087), පොලිස් කොස්තාපල් රියදුරු උදාර (16227), සිල්වා (105529) යන නිලධාරීණ් විසින් මෙම වැටලීමකර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img