මහමැතිවරණයේ එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි අවම මුදල අද දිනයේදී (16) ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරන බව තිවරණ කොමිෂන් සභාව පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගැනීමට කටයුතු සලසා තිබේ.
සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇත.
එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අතර මහ මැතිවරණයට අදාලව නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සියලුම සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත ය.