බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පළමු වතාවට විස්සයි 20 තරගාවලි ජයක් වාර්තා කරමින් ඊයේ(17) දඹුල්ලේ පැවැති තරගය කඩුලු 9කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ක්රීඩකයෝ පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් ලබා ගත්හ. මහේෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් කඩුලු 2 බැගින් දවාගත්හ.
ලකුණු 163ක ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා පිතිකරුවෝ පන්දුවාර 18ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවි ජයග්රාහී ඉලක්කය ලබා ගත්හ.
පැතුම් නිශ්ශංක ලකුණු (22)39ක්, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68 (50) කුසල් ජනිත් නොදැවී 55 (36) ලබා ගනිමින් පිත්තෙන් විශිෂ්ට දස්කම් පෑහ.
තරගාවලියේ වීරයා සම්මානය පැතුම් නිශ්ශංකට හිමිවූ අතර තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට හිමිවිය.
බ.කොදෙව් 162/8 (20)
ශ්රී ලංකාව 166/1 (18)