හිටපු අමාත්‍යවරුන්ට යළි නිවාස භාරදීමට දී තිබු කාලය අවසන්ව ඇතත් නිල නිවාස ලබා සිටි ඇමතිවරුන් 28 දෙනාගෙන් මේ දක්වා නිවාස භාර දී ඇත්තේ 14 දෙනෙක් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනාධිපති ධුරයට අනුර කුමාර දිසානායක මහතා පත්වීමත් සමඟ එතෙක් පැවති ආණ්ඩුව වෙනුවට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් (මාලිමාව) බිහි වූ අතර එම ආණ්ඩුවට අයත් නිල නිවාස ලෙස ගැනිය හැකි නිවාසවල මේ දක්වා වාසය කරන බව වාර්තා වේ.
රුපියල් කෝටි ගණනක හිඟ වතුර බිල් හා විදුලි බිල් පියවිමකින් තොරව අදාළ නිල නිවාස භාර නොගන්නා ලෙස රජය දන්වා සිටීම නිසා වතුර බිල් හා විදුලිබිල් නොගෙවා සිටි ඇමතිවරුන් මෙසේ නිල නිවාස භාර දීම ප්‍රමාද කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් අමාත්‍යාංශයේ දැනුම්දීම දිගින් දිගටම මගහරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.