fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මහින්දගෙ ආරක්ෂාවට දුන් වාහන ඇනියත් ගලවයි

    මහින්දගෙ ආරක්ෂාවට දුන් වාහන ඇනියත් ගලවයි

    පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට ලබා දී තිබු වාහන අද (18) හදිසියේ ම ජනාධිපති ලේකම් කාර්යාලයට රැගෙන ගොස් තිබේ.

    ජීවත තර්ජන අතින් ඉහළම ප්‍රභූවරයෙක් වෙනුවෙන් වෙන් කර තිබු වාහන 12කින් සමන්විත වාහන ඇනියේ ගිලන් රථය සහ තවත් වාහන 8ක් මෙසේ ආපසු ගෙන ගොස් ඇත.

    හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ කරුණු සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදි.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරිගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී.දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල මහත්ම මහත්මීහු කටයතු කරති.

    අදාළ කමිටුව වෙත මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ සඳහා මෙම වාහන අත්‍යවශ්‍ය වන්නේ ඇයි දැයි දන්වා තිබියදී එම කමිටුවේ අවසන් නිර්දේශය කැබිනට් අනුමැතියට යොමු විමට පෙර මෙසේ වාහන ආපසු ගෙන්වාගෙන තිබේ.

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දිමනා වරප්‍රසාද පිළිබඳ පනත අනුව විශ්‍රාම වැටුපක්,නිල නිවසක්,වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම්වරයකු සඳහා වේතනයක් ඇතුළත්ය. මහින්ද රාජපක්ෂ මහතාට ඊට අතිරේකව ආරක්ෂාව හා වාහන ලබා දී තිබී ඇත්තේ ජීවිත තර්ජනය සැළකිල්ලට ගෙන බව කියයි.

    කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට නොගැනෙන ජල බිල්පත් විදුලි බිල්පත් පවා පසුගිය කාලයේ රජයේ වියදමෙන් ගෙවීම් කර ඇති බව වාර්තා වේ.

    චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂ සහ රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්ම මහත්මීහු නඩත්තුව වෙනුවෙන් 2023 වසරේ දී වැය කර තිබු මුදල රුපියල් අට කෝටියකි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img