ඉන්දියාවේ මුම්බායි සිට කටුනායක බලා පියාසර කළ විස්තාරා ගුවන් යානයක අද(19) බෝම්බ බියක් ඇතිව තිබේ.
අදාළ අනතුරු ඇඟවීම් අනුව වහාම ක්රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය ගුවන් මගින් පිරිස කඩිනමින් ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ අට දෙනෙක් සහ ගුවන් මගීන් 96 දෙනෙක් ඒ වනවිට විස්තාරා ගුවන් යානයේ පියාසර කර ඇත.
ඔවුන් ආරක්ෂිතව ගුවන් තොටුපල පිටවීමේ පර්යන්ත වෙත යොමු කළ බවත් බෝම්බ අනතුරු ඇගවීම සම්බන්ධයෙන් දැනට ආරක්ෂක අංශ සෝදිසි විමර්ශන ආරම්භ කර ඇති බවත් ගුවන්තොටුපල කාර්යභාර නිලධාරී newswave කළ විමසීමේදී පැවසීය.