fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාතර ඝාතනයකට STF හිටපු සෙබලා සොයයි

    මාතර ඝාතනයකට STF හිටපු සෙබලා සොයයි

    පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරතව සිටි පුද්ගලයකු මාතර නාවිමනට ගෙන්වා පසුගිය 15 වෙනිදා කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ වැඩතහනමට ලක්ව සිටින කොස්තාපල් වරයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර ඇත.

    මෙම ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේ මෙම කොස්තාපල්වරයා බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු කොස්තාපල්වරයකු බව හෙළිවීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාතර පොලිස් වසමේ පරමුල්ලේ පිහිටි සැකකරුවන නාඹුන්න පල්ලියගුරුගේ ටිතිර දේශාන් ගුරුගේ යන අය පදිංචිව සිටි නිවස පරීක්ෂා කර ඇත. ඔහු රැදි සිටි කාමරයේ තිබී 9mm පිස්තෝල උන්ඩ 08, විකාබ කමීස 01, විකාබ කලිසම් 01, DPM බැජ් 01, සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම භාවිතා කරන වැලමිට ආවරණ 02, දනහිස් ආවරණ 02, සැකකරු වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේ දි පැලද සිටි බවට සැකකරන ඩෙනිම් කලිසම හා කමීස 01, බූට් ජෝඩු 01 ක් හමුවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    එම භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

    පොලිස්විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, තංගල්ල කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි.සි.එල්. මුණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ. ඝාතනයට නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැති අතර මෙය කොන්ත්‍රාත්තුවකට අනුව සිදුව ඇතැයි සැකකෙරේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img