හලාවත සිංහපුර පාරේ නිවසක් තුළ නිවෙස් හිමි කෝටිපති ව්‍යාපාරිකයාත් ඔහුගේ බිරිඳ හා 15 හැවිරිදි දියණිය නිවස තුළදීම ඝාතනය කර සිරුරුවලට ගිනි තබා ඇතැයි පොලීසිය කියයි.
මෙම අපරාධය අද අළුයම් කාලයේදී සිදුව ඇති බවත් මෙම අපරාධය දෙතුන් දෙනෙකුගේ කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවට සැකකරන බවත් පොලීසිය සඳහන් කරයි.
ව්‍යාපාරිකයාගේ බිරිඳගේ හිස කඳින් වෙන්වන තරමට කපා දමා තිබී ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
සිංහපුර පාරේ නිවසක් ගිනි ගන්නා බවට ලද පණිවුඩයකට අනුව හලාවත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් හලාවත ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්ද සමඟ ගොස් ගින්න මැඩ පවත්වා කළ පරීක්ෂාවේදී සිදුව ඇති අපරාධය අනාවරණය වී තිබේ.
නිවසේ පහත මහලේ නිදන කාමරය තුළ බිරිඳගේ මළ සිරුරද නිවසේ සාලයේ ව්‍යාපාරිකයාගේ සහ දැරියගේ මළ සිරුරද සුන්බුන් අතර තිබී හමුවී ඇත.
මෙලෙස ඝාතනයකර ඇත්තේ 52 හැවිරිදි එස්.ජී.සේනාරත්න නැමැති ව්‍යාපාරිකයාත් ඔහුගේ , බිරිද 43 හැවිරිදි මංජුලා නිරෝෂනී හා 15 හැවිරිදි දියණිය වු නෙත්මි නිමේෂා නැමැති තිදෙනාය.
ව්‍යාපාරිකයා ඉඩම් මිලදී ගෙන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින්නෙක් වන අතර බිරිද වන මංජූලා හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සංවර්ධන නිළධාරීනියකි. දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ 10 ශ්‍රේණීයෙ අධ්‍යාපනය හදාරමින් සිට ඇත.
මේ අයගේ සිරුරු මතට නිවසේ ඇති ගෘහ උපකරණ ඇතුළු ද්‍රව්‍ය දමා ගිනි තබා ඇති බව පොලීසිය කියයි. මෙම ඝාතනය කුමන අරමුණකින් සිදුව තිබේදැයි අනාවරණය නොවන බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදා විමර්ශන පැවැත්වෙන බවත් පොලීසිය සඳහන් කළේය.