fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සූරියවැව ගිනිඅවි කම්හලක් වටලයි

    සූරියවැව ගිනිඅවි කම්හලක් වටලයි

    කම්හලකට මුවා වී දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ සූරියවැව කඳවුරේ නිලධාරීන් ඊයේ සමත්ව ඇත.

    ගිනි අවි කම්හල පවත්වාගෙන ගොස් ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවන සූරියවැව වැවේගම පදිංචිකරුවෙකි. ඔහුගේ පියාද කම්හල්කරුවෙක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    ටී 56 අවිවලට යොදන පතොරම් යෙදිය හැකි ආකාරයට පිස්තෝල මෙහි නිෂ්පාදනයකර ඇති බවත් එවන් අවියක් රුපියල් 45,000කට අලෙවිකර ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

    විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් හම්බන්තොට කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යු.ජි.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමකර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img