fbpx
තවත්

    අල්ලස් ගිණුම ලොකුවෙයි

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන වැටලීම් සඳහා මුදල් ලබාදීම පිණිස වැටලීම් අත්තිකාරම් ගිණුමක් පවත්වාගෙන යනු ලබයි.

    එම අත්තිකාරම් ගිණුමේ උපරිම වියදම් සීමාව රුපියල් මිලියන 50කි.

    අල්ලස් වශයෙන් ලබා දෙන මුදල නිශ්චිතව තීරණය කළ නොහැකි බැවින් සහ දැනට ලැබෙන අල්ලස් පැමිණිලිවල ස්වභාවය අනුව අල්ලස් අයදින මුදල ඉතා ඉහළ අගයක් ගනු ලබන බවට පෙනී ගොස් තිබේ.

    එබැවින් අදාළ උපරිම වියදම් සීමාව කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇති බව රජයේ අදහසයි.

    ඒ අනුව, අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ උපරිම වියදම් සීමාව රුපියල් මිලියන 150 දක්වා වැඩි කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img