fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෝට්ටුවකින් ආ හොරබඩුවලට දෙන්න හැදූ පොලිස් ගේම

    බෝට්ටුවකින් ආ හොරබඩුවලට දෙන්න හැදූ පොලිස් ගේම

    මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට රැගෙන ආ බීඩි කොළ සහ කහ තොගයක් රැගෙන යමින් තිබුණු ලොරි රථයක් කල්පිටිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නේ පසුගිය 20 වෙනිදාය.

    පොල් ලෙලි සහ පොල්ගෙඩි තොගයක් පිටතින් පෙනෙන ආකාරයට ප්‍රවාහනයකරමින් තිබුණු මෙම ලොරි රථය පොලිස් පරීක්ෂාවට ලක්වන්නේ අහඹු ලෙසිණි. පොල් සහ පොල් ලෙලි අතර සැගවූ බීඩි කොල කිලෝ 620ක් අඩංගු මිටි 20ක්ද, කහකිලෝ 1276ක් අඩංගු මිටි 40ක්ද එහිදී සොයා ගන්නා පොලිස් නිලධාරීන් ලොරි රථය සමඟ රියදුරුද අත්අඩංගුවට ගත්තේය.

    නීති විරෝධි ලෙස ආනයන බදු නොගෙවා මෙරටට මෙම භාණ්ඩ රැගෙනවිත් ඇති බැවින් නීතිමය කටයුතු සඳහා ඒවා භාරදිය යුතු වූයේ රේගුවටය. රේගුවේ කටුනායක පිහිටි ගබඩාවට නඩු කටයුතු සඳහා භාරදීම සඳහා රැගෙන යාමේ වගකීම පැවරෙන්නේ කල්පිටිය පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරත උප පොලිස් පරීක්ෂක උපාලි වීරසිංහටය. ඔහු ඊයේ උදෑසන අල්ලාගත් ලොරි රථයෙන් කටුනායක බලා පිටත්ව එන්නේ කල්පිටියේ සිටය. ලොරි රථය පදවන්නේ එහි රියදුරාමය.

    ඒ රැගෙන එන අතර තුර උප පොලිස් පරීක්ෂකවරයාත් ලොරි රථයේ රියදුරුත් කල්තියා කළ සැළසුමකට අනුව ලොරි රථය මීගමුව කට්ටු ප්‍රදේශයේ පාළු ඉඩමකට රැගෙන ගොස් ඇත. එම ස්ථානයට ඒ වන විට වෑන් රථයක් පැමිණ තිබී ඇත. එම වෑන් රථයට ලොරි රථයේ තිබුණු බීඩි කොල මිටි 20 පටවා ඇත්තේ ඒ වෙනුවට දිරා ගිය පාරිභෝජනයට ගත නොහැකි බීඩි කොල මිටි 20ක් පටවමිනි.

    රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ ගේම ගසමින් සිටියදී ඒ ගැන ලද තොරතුරකට අනුව එම ස්ථානයට එකවරම කඩා වදින්නේ මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමකි. වෑන් රථයේ රියදුරු පැන ගියත් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සමගිනි. දැන් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රීයාත්මක වෙමින් ඇති අතර පොලිස් නිලධාරියාගේ වැඩද තහනම්කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img