fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආරුගම්බේ ප්‍රහාර අවදානමක් -අමෙරිකාවෙන් අනතුරු ඇඟවීම්

    ආරුගම්බේ ප්‍රහාර අවදානමක් -අමෙරිකාවෙන් අනතුරු ඇඟවීම්

    ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වාසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබී ඇති බවට මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවයි.

    එබැවින් මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට වහාම සහ නැවත දැනුම් දෙනතුරු ආරුගම් බොක්ක වෙත ගමන් තහනමක් පනවා ඇත.

    අමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙරටට පැමිණ සිටින අමෙරිකානු සංචාරකයන්ට තවදුරටත් අවධාරණය කර සිටින්නේ ආරුගම්බේ ප්‍රදේශයට සංචාරයෙන් වළකින ලෙසත්, හැකි සෑම විටම සන්නිවේදනය උපකරණයක් (ජංගම දුරකතන වැනි) ළඟ තබාගන්නා ලෙසත්, සැකකටයුතු යමක් වේ නම් වහාම 119 වෙත අමතන ලෙසත් ය.

    එමෙන්ම යමක් නිවැරදි නොවේ යැයි හැගෙන්නේ නම් වහාම එම ස්ථානයෙන් පිටවන ලෙසත් මාධ්‍ය හා පුවත් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමෙරිකානුවන්ට දැනුම් දෙයි.

    සැකකටයුතු යමක් වෙත්නම් වහාම 1997 යන අංකයට දැනුම් දෙන ලෙසත් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

    ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල සංචාරකයන් බොහොමයක් පැමිණ සිටින බවට ද පසුගියදා වාර්තා විය.

    ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට පසුගිය දින කිහිපයේ තොරතුරු ලැබී තිබූ බවත් ඒ අනුව ආරුගම්බේ ප්‍රදේශය ඊශ්‍රායල් ජාතිකයන්ගේ වැඩි සංචාරක ආරක්ෂණයක් සහිත ප්‍රදේශයක් නිසා ඔවුන්ගේ ගොඩනැගිල්ලක් වැනි ස්ථානයක් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

    මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ මතුව ඇති අර්බුදකාරි වාතාවරණය හමුවේ මේ දිනවල මෙවැනි අනතුරු ඇඟවීම් ලොව පුරා විවිධ රටවල් තුළ නිවේදනය වෙමින් ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img