fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවේ තවත් ප්‍රදේශවලට ත්‍රස්ත ප්‍රහාර අවදානමක් -රටවල් කිහිපයක් අනතුරු අඟවයි

    ලංකාවේ තවත් ප්‍රදේශවලට ත්‍රස්ත ප්‍රහාර අවදානමක් -රටවල් කිහිපයක් අනතුරු අඟවයි

    ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දකුණු සංචාරක ප්‍රදේශ කිහිපයකින් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය අද(23) මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට දැනුම් දී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ ගාල්ල, හික්කඩුව, අහංගම සහ වැලිගම ඇතුළු ප්‍රදේශවල සිටින තම පුරවැසියන්ට ත්‍රස්තවාදී තර්ජන ඇති බව පවසමින් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය උපදෙස් දී ඇත.

    ආරුගම්බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව ද අමෙරිකානු තානාපති කාර්යාලය සහ ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය ද මෙම අනතුරු ඇඟවීම මීට පෙර නිකුත් කර තිබුණි.

    ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කර ඇත්තේ මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවත්ය.

    මෙම ප්‍රදේශවල වෙසෙන අයට එක්කෝ ඉහළ අරක්ෂාවක් තිබෙන කොළඹ නගරයට හෝ ශ්‍රී ලංකාව හැරගොස් වෙනත් රටකට හෝ යන ලෙස ඉල්ලා සිටි.

    ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල ද ආරක්ෂක තර්ජන මට්ටම 3 වන මට්ටම දක්වා ඉහළ නංවා ඇති බවය.

    මෙරටට පැමිණීමට සැලසුම් කරන ඊශ්‍රායල ජාතිකයින්ට අත්‍යවශ්‍ය නොවේ නම් ඔවුන්ගේ සංචාරය කල් දැමීමට උපදෙස් දී ඇත.

    මෙම ප්‍රදේශවල සංචාරක ප්‍රදේශ සහ වෙරළ තීරයන් වෙත ත්‍රස්තවාදී තර්ජනයක් එල්ල වී ඇති බවට මෑතකාලීන තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    ඒ අනුව මෙම ප්‍රදේශවල තර්ජන මට්ටම 4 මට්ටම දක්වා ඉහළ දැමීමට ද කටයුතු කර ඇත.

    මේ අතර ශ්‍රී ලංකාවේ විදේශිකයන් සහ සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවට ඕස්ට්‍රේලියාව පසුව අනතුරු ඇඟවීය.

    ඔස්ට්‍රේලියාව අද නිකුත් කළ සංචාරක උපදේශනයකදී කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාර අවදානමක් පවතින බවයි.


    සබැඳි පුවත්
    ආරුගම්බේ ප්‍රහාර අවදානමක් -අමෙරිකාවෙන් අනතුරු ඇඟවීම්

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img