කැලණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිව්වැනි වසරේ සිසුවෙකු අද (23) අළුයම කැලණිය පොල්හේනේ පිහිටි කන්නංගර නේවාසිකාගාරයේ හතරවෙනි මහලේ වහලෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති බිබිල රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි කැලණි විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමණාකරන අධ්‍යන පීඨයේ ගණකාධිකරන අංශයේ සිවුවන වසරේ ඉගෙණුම ලබමින් සිටි සිසුවෙකි.
නේවාසිකාගාරය ඊයේ රාත්‍රී කාලයේ සාදයක් පවත්වා ඇති අතර සිසුවාද එම සාදයට සහභාගිවී මත්පැන් පානයකර ඇති බවට තොරතුරු ඇතැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කරයි.
නින්දට ගිය සිසුවා අලුයම ඇහැරී ජනේලයෙන් පිටතට පාද දමා ඇති බවත් එහිදී ඔහු බිමට වැටී මියගොස් ඇති බවත් පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින්ද විමර්ශනයක් ආරම්භකර තිබේ. සිසුවාගේ මෘත දේහය බිබිලේ ඔහුගේ නිවසට රැගෙන යාමට මෙන්ම ගෞරවාන්විතව අවසන් කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සඳහන් කරන්නීය.
නේවාසිකාගාරයේ සිසුවෙකුගේ උපන් දින සාදයක් පවත්වා ඇති බවට තොරතුරු ඇති බවත් සිසුවාගේ මරණයට හේතුව සොයා විමර්ශන පැවැත්වෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරනීය.