fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාතර පොලී මුදලාලි මැරූ ඝාතන සැළසුම්කරු මලයාසියාවට පනී

    මාතර පොලී මුදලාලි මැරූ ඝාතන සැළසුම්කරු මලයාසියාවට පනී

    පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරතව සිටි පුද්ගලයකු මාතර නාවිමනේ රුවන්වැල්ල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙලේ කාන්තා ජාතික පාසලක ක්‍රීඩා උපදේශකයෙක් ලෙස සේවය කර ඇති අයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    නාවික හමුදා සේවයේ සිටි ඔහු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙක් වූ බැවින් බාලිකා පාසලේ ක්‍රීඩා උපදේශක තනතුරින් ඔහුව ඉවත්කර ඇති බව සඳහන්ය.

    අවුරුදු 34ක් වයසැති මාතර වැලිපිටිය පාරේ පදිංචිකරුවෙක් වන ඔහු පසුගිය 15 වෙනිදා අලුයම් කාලයේදී පොලීයට මුදල් ලබාදෙන පුද්ගලයාව ඝාතනය කිරීමට ඔහුගේ නිවසට ගොස් ඇතත් ඉලක්කය වැරදී ගොස් තිබේ. මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඔහුට භාරදී ඇත්තේ රොටුඹ අමිල නැමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුගේ ගෝලයෙක් වන මුතූ නැමැත්තාය. මෙම ඝාතන සැළසුම සකස්කර ඔහු සිය අඹුදරුවන් සමඟ මැලේසියාවට පළාගොස් ඇත. දුරකථනයෙන් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

    අලුයම් කාලයේදී පොලියට මුදල් දෙන පුද්ගලයාව ඝාතනය කිරීමට නොහැකිවූ තැන එදින සවස පොලියට මුදල් දෙන පුද්ගලයාව ඝාතනය කිරීමට සැළසුම්කර ඇත්තේ මාතර නාවිමන රුවන්වැල්ලේදීය. දහවල් කාලයේදී තමාට එම ඝාතනය සිදු කිරීමට නොහැකි බව ක්‍රීඩා උපදේශකයා පැවසීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු කොස්තාපල්වරයෙකු යොදවා එම ඝාතනය කරවාගෙන ඇති බව හෙළිවී තිබේ. වෙඩික්කාර පොලිස් කොස්තාපල්වරයා වෙඩි තැබීමට ගමන්කර ඇත්තේ මෝටර් රථයකිනි. එම මෝටර් රථය පදවා ඇත්තේ ක්‍රීඩා උපදේශකවරයාය. ඔවුන් දෙදෙනාම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කෑගල්ලේදී ඊයේ අත්අඩංගුවට ගත් අතර වෙඩි තැබූ ගිනි අවිය සොයා ගන්නේ අද උදෑසනය. ඒ කැස්බෑවේ නිවසක සඟවා තිබියදීය. ඒ සම්බන්ධයෙන් සැකපිට නිවෙස් හිමියාවද අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් කොස්තාපල්වරයාටත් ක්‍රීඩා උපදේශකටත් මෙම ඝාතනය වෙනුවෙන් ලැබී ඇත්තේ රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් බවද ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img