fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආරුගම්බේ කොන්‍ත්‍රාත්තුව ඩොලර් ලක්ෂයක්! මාලදිවයින් ජාතිකයා ඇතුළු 2ක් අත්අඩංගුවට

    ආරුගම්බේ කොන්‍ත්‍රාත්තුව ඩොලර් ලක්ෂයක්! මාලදිවයින් ජාතිකයා ඇතුළු 2ක් අත්අඩංගුවට

    අරුගම්බෙ දී විදේශිකයන් පිරිසක් ඉලක්ක කරගෙන යම් සිදුවීමක් කිරීමට සූදානම්ව සිටි බව කියන මාලදිවයින් ජාතිකයකු ඇතුළු දෙදෙනෙක් මෙරට ආරක්ෂක අංශ විසින් රත්මලානේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    අරාබිකරයේ රටක ත්‍රස්ත කණ්ඩායමකින් දුන් බව කියන ඩොලර් ලක්ෂයක කොන්ත්‍රාත්තුවකට අනුව යම් ප්‍රහාරයක් සැළසුම් කළ බවට ඉන්දීය රෝ ඔත්තු සේවයට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් අතඅඩංගුවට ගෙන තිබේ.

    මෙම සිදුවීමට අත්අඩංගුවට ගත් මෙරට සැකකරු යාපනයේ පදිංචිකරුවෙකි. මීට පෙරද ඔහු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට හවුල් වූ අයෙකු බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

    රත්මලානේ තාවකාලිකව පදිංචිව සිට ඇති ඔවුන් දෙදෙනාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ පොලිස් අංශයක ඔවුන් දෙදෙනාව රඳවාගෙන දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වෙන බවත් ඔවුන් සමග මෙම සිදුවීම්වලට සම්බන්ධ තවත් අය හඳුනාගැනීම සඳහා විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් ආකාරයටම ඉකුත් ඔක්තෝබර් හත් වැනිදා ඉන්දීය රෝ බුද්ධි සේවයෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබේ.

    මේ සඳහා මෙම සැකකරුවන්ට මූල්‍ය පහසුකම් පවා ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුවන බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. ලංකාවේ බහුතරයක් ජනතාව මැද පෙරදිග යුද්ධය ගැන දන්නෙ බටහිර මාධ්‍යයේ පලවෙන සාවද්‍ය අර්තකතන පමණි . ස්වාධීන මාධ්‍ය හා සමාජ මාධ්‍යයේ ඒ කුරිරු අමානුෂික ජන සංහාරය ගැන කියනවා..

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img