fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු දශක හතරට ලංකාවේ ගොඩනැගිලි ඩබල් වෙලා

    ගෙවුණු දශක හතරට ලංකාවේ ගොඩනැගිලි ඩබල් වෙලා

    පසුගිය දශක හතරක කාලය තුළ මෙරට නිවාස හා ගොඩනැගිලි ඒකක සංඛ්‍යාව දෙගුණයකට ආසන්න වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    2024 ජන හා නිවාස සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියර සාර්ථකව නිම කර ඇති එහිදී මේ බව අනාවරණය වී ඇත.

    මෙම අදියරෙහි දී පදිංචි ස්ථාන, ව්‍යාපාරික ආයතන, ආයතන, සහ මිනිසුන් වාසය කරන නිවාස සංකීර්ණ ඇතුළත් සංගණන ඒකක ගණන් කිරීම සිදුවිය.

    1981 සංගණනයේදී වාර්තා වූ ඒකක 3,423,486 ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සංගණන ඒකක 8,377,895 ක් පවතින බව නවතම සංගණනය පෙන්වා දෙයි.

    දෙසැම්බර් 19 වනදා ‘සංගණන දිනය’ ලෙස නම් කර ඇති අතර, එහිදී සවිස්තරාත්මක සංගණන වාර්තාව නිකුත් කෙරෙනු ඇත.

    2024 නිවාස හා ගොඩනැගිලි සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියරේ මූලික වාර්තාව පහතින් දැක්වේ.

    Preliminary_Report_removed
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img