fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අල්ලස් කොමිසමට යන්නත් අල්ලස් අරන්

    අල්ලස් කොමිසමට යන්නත් අල්ලස් අරන්

    ගම්පොල පොලීසිය සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළ පුද්ගලයකුගෙන් ඊට අදාල ලේඛන අල්ලස් කොමිෂන් සභාවට රැගෙන යන වාහනයට ඉන්ධන ලබාගැනීමට යැයි කියා රුපියල් 20,000ක මුදලක් ලබාගන්නා අවස්ථාවේදී ගම්පොල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    ගම්පොල පාන බොක්ක මාවතේ ආපන ශාලාවකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

    ගම්පොල පදිංචි පුද්ගලයෙක් අල්ලස් ලබාගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාවට පැමිණිලිකර තිබී ඇත. ඒ ඔහු සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් මුල්කරගෙනය.

    එකී පැමිණීලිවල උදෘත හා නඩුවල තත්ත්වය ඇතුලත් වාර්තාවක් සමඟ ගම්පොල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සහ අංශ භාර ස්ථානාධිපතිවරුන්ගේ නාම ලේඛනයක්, රාජකාරි වාර්තාවක් ඇතුළු තවත් වාර්තා කිහිපයක් රැගෙන 25 වෙනිදා අල්ලස් කොමිෂමට පැමිණෙන ලෙස ගම්පොල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්කර තිබී ඇත.

    එම ගමනට සූදානම් වූ මෙම නිලධාරියා ගම්පොල සිට කොළඹ බලා ගමන් කිරීමට සිය මෝටර් රථයට පෙට්ට්‍රල් ලබාගැනීමට පොලීසියට එරෙහිව පැමිණිල්ල කළ පුද්ගලයාගෙන් රුපියල් 20,000ක මුදලක් ඉල්ලා ඇත්තේ ඔහුට සහය වන ලෙස අල්ලස් කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්විය හැකි බව සඳහන් කරමිනි. මුදල් ලබානොදෙන්නම් පැමිණිලිකරුට අගතිදායක ලෙස කටයුතු කරන බව පවසා බිය ගන්වා ඇති බව සඳහන්ය. මේ ගැන අල්ලස් කොමිෂන් සභාවට දැනුම්දීමට පැමිණිලිකරු පියවර ගෙන තිබේ. අදාල මුදල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබාගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ට හැකිවී ඇත්තේ ඒ අනුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img