නීති විරෝධිව මෙරට රැදී සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටි නයිජීරියානුවෙක් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රාගම රෝහලට ඊයේ රැගෙන ගිය අවස්ථාවේදී රෝහල් වැසිකිලියේ ජනේලයකින් පළාගොස් ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ සහ පුද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාවක් යටතේ මෙම නයිජීරියානුවා රාගම රෝහලට රැගෙන විත් ඇති බව රාගම පොලීසිය සඳහන් කරයි.
ඔඩෝ ඉනෝසන්ට් නැමැති නයිජීරියානුවා රෝහලට රැගෙන ආ විට වැසිකිලියට යාමට අවශ්‍ය බව පවසා ඇති බව පොලීසිය සඳහන් කරයි. එහිදී අත් විලංගු නොමැතිව ඔහුට වැසිකිලියට යාමට පහසුකම් සලසා දී ඇති බව සඳහන්ය. මද වේලාවක් ගියද නයිජීරියානුව පිටතට නොපැමිණි බැවින් කළ පරීක්ෂාවේදී පෙනී ගොස් ඇත්තේ වැසිකිලියේ ජනේලයකින් ඔහු පළාගොස් ඇති බවය.