fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවේ සිට කොළඹ ආ ගුවන්යානයකට අදත් බොරු බෝම්බ තර්ජනයක්

    ඉන්දියාවේ සිට කොළඹ ආ ගුවන්යානයකට අදත් බොරු බෝම්බ තර්ජනයක්

    ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලද ඇමතුමක් මත සිදුකළ පුර්ණ පරීක්ෂාවකින් පසුව එවැනි තර්ජනයක් නොමැති බවට තහවුරු කරගෙන තිබේ.

    මෙම තර්ජනාත්මක ඇමතුම ලැබී තිබුණේ ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයකටයි.

    ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කළේ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු එම යානයේ සිට ඇති අතර ඔවුන් ආරක්ෂිතව ඉන් ඉවත් කොට පූර්වාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කළ බවය.

    මීට දින කිහිපයකට පෙර ද ඉන්දියාවේ සිට කොළඹ පැමිණි විස්තාර ගුවන් සේවයට අයත් ගුවන් යානයකට මෙවැනිම බෝම්බ තර්ජන ඇමතුමක් ලැබී තිබු අතර එම අවස්ථාවේදී ද එවැනි බෝම්බයක් හමු නොවිණි.

    කෙසේවෙතත් එදින සහ ඊට පෙර දිනවලදී ද ඉන්දියාවේ බොහෝ ගුවන් සේවාවලට මෙලෙස ව්‍යා බෝම්බ තර්ජන ඇමතුම් ගලාඒමට පටන් ගෙන ඇති බැවින් එරට රජය මේ පිළිබඳ විමර්ශනයක් ද සිදුකරමින් සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img